Pages

නියපොතු වැවෙන විට අපට රිදීමක් නොදැනෙන්නේ මෙන්න මේ නිසයි

nails
සාමාන්‍යයෙන් පුද්ගලයකුගේ නියපොතු දිනකට මිලි මීටර් 0.1 වේගයෙන් වැවෙනවා.ඒ කියන්නේ නියපොත්ත මිලි මීටරයක් වැවෙන්න දින 10 ක් ගත වෙනවා.නමුත් පුද්ගලයින්ගේ වයස,පරම්පරාවේ ගති ලක්ෂණ අනුව මෙම වේගය ස්වල්ප ලෙස අඩු හෝ වැඩි වෙන්න පුළුවන්.
නියපොත්ත සෑදෙන විශේෂ සෛල වර්ගය තිබෙන්නේ නියපොත්තේ මුලයි.ඒවා ලා පැහැති ලා පැහැති වක්‍රාකාර ප්‍රදේශයක් සේ පෙනෙන්නට තිබෙනවා.
නියපොත්ත නියපොත්තට යටින් ඇති පටකයට හොදින් ඇලී තිබෙනවා.එහෙත් නියපොත්ත මුල තිබෙන නියපොත්ත සාදන සෛල තට්ටුව වේගයෙන් බෙදන විට කලින් නියපොත්ත සෑදී තිබූ සෛල නියපොත්තට යටින් ඇති පටකයෙන් ගැලවී යනවා.ඒ සමගම අලුතින් හැදෙන සෛල නියපොත්තේ යටින් ඇති පටකයට  බැදී යනවා.මෙලෙස නියපොත්තට යටින් ඇති පටකයෙන් ගැලවී යන සෛල කලාපය ක්‍රමයෙන් ඉදිරියට පැමිණෙයි.නියපොත්ත පුරාම මෙම ක්‍රියාවලිය සිදුවන විට නියපොත්ත වැඩෙනවා.නියපොත්තේ වැඩිම ඉතා සෙමින් සිදුවන නිසාත්,නියපොත්තට යටින් ඇති සෛල කලාපය නියපොත්තෙන් වෙන්වී යන්නේ සෛල වශයෙන් මිස පටක වශයෙන් නොවන නිසාත්,නියපොත්තට යටින් ඇති රුධිර නාල වලටවත් ස්නායු වලටවත් හානියක් සිදුවන්නේ නැත.
නියපොත්ත වැවෙන විට ලේ නොඑන්නෙත් රිදුමක් ඇති නොවෙන්නෙත් ඒ නිසයි.....................

0 Comments:

Post a Comment