Pages

දහඩිය දැමීමෙන් අපට ඇති ප්‍රයෝජනය කුමක් කියලද ඔයා හිතන්නේ.......

දහඩිය දැමීමෙන් අපට ඇති ප්‍රයෝජනය කුමක් කියලද ඔයා හිතන්නේ.......

දහඩිය දැමීමෙන් අපට ප්‍රයෝජන කිහිපයක්ම තිබෙනවා.ඉන් මුලිකම ප්‍රයෝජනය වන්නේ ශරීරයේ උෂ්ණත්වය වෙනස් නොවී තබා ගැනීමට ලැබෙන පිටිවහලයි.

දහදියෙ වැඩිපුරම අඩංගු වන්නේ ජලයයි.ශරීරයේ උණුසුම ඉහල ගිය විට සමේ ඇති දහඩිය නිපදවන ග්‍රන්ථි මගින් සම මතුපිටට ස්‍රාවය කරන දහදියෙහි තිබෙන මේ ජලය අවට වායුගෝලයට වාෂ්ප වෙනවා.ඒ වාෂ්ප වීම සදහා තාප ශක්තිය අවශ්‍යයි.මේ තාප ශක්තිය ලබා ගන්නේ ශරිරයෙනි.ඒ නිසා ශරීරයේ තාපය අඩුවී ශරීර උෂ්ණත්වය අඩු වෙනවා.එය නියමිත මට්ටමට ආ විට දහඩිය දැමීම නවතිනවා.

මීට අමතරව දහඩියේ තිබෙන ලවන වර්ගවලින් සම මතුපිට තිබෙන විෂබීජ විනාශවීම සිදුවෙනවා.එලෙසම සමේ පෝෂණයට අවශ්‍ය යම් යම් රසායන ද්‍රව්‍යයන්ද දහඩිය සමග ස්‍රාවය වෙනවා.....
මේ නිසා දහඩිය දැමීම අපගේ සිරුරට බොහෝ සේ වැදගත් වේ........  

0 Comments:

Post a Comment