මෙලෙසටම සමහර ගොලුබෙලි විශේෂද බිත්තර දැමීමෙන් පසුව මිය යනවා.මෙම මකුලුවන්ගේද ගොලුබෙලි විශේෂද එසේ මිය යාම සියදිවි නසා ගැනීමක් නොමෙයි.
මිනිසුන් මෙන්ම සතුන්ද සියදිවි හානිකර ගන්නා බව සනාථ කිරීමට තවත් සමහරෙක් පවසන්නේ ලෙමින්ගු මීයන් සිය ගුල්වලින් පිටතට පැමිණ මුහුද කරා ගොස් සියදිවි හානිකර ගන්නා බවයි.
ශීත කාන්තාර වල සිටින මෙම ලෙමින්ගු මීයන් තමන්ගේ ගුල් වලින් නික්මී සීතලෙන් මිදීමට වෙනත් ප්‍රදේශ වලට යනවා.
බොහෝ දෙනකු මෙය හදුන්වන්නේ තරුණ පරම්පරාවට ගුල්වල ජීවත් වීමට ඉඩ දෙමින් මහලු ලෙමින්ගු මීයන් ගුල් හැර යන බවයි.......
මෙලෙස කුමක් පැවසුවද සත්‍ය ලෙසම සතුන් සියදිවි නසාගන්නා බව පැවසීම මිත්‍යාවක් පමණි............
0 Comments:
Post a Comment