Pages

අපි ඇවිදිනකොට අත් දෙක දෙපැත්තට පද්දෙන්නේත්,අත් නොසොල්වා ගමන් කිරීමේදී අපහසුවක් දැනෙන්නෙත් මේ නිසයි.

අපි දෙපයින් ගමන් කරන වෙලාවට නිතරම පොළොවේ ගැටී තිබෙන්නේ එක් පාදයක් පමණයි.එවිට මුළු සිරුරේම බර ඒ පාදයට යොමුවෙනවා.එවිට සිරුර පැද්දී ගමන් කරන්නා ඇද වැටිය යුතුයි.නමුත් එලෙස නොවිමටනම් තනි පාදය මත සිරුර සමතුලිතව තබා ගත යුතුයි.
එක් පාදයක් ඉදිරියට තබා අනෙක් පාදය ඔසවන විට ඊට ප්‍රතිවිරුද්ධ අත පිටුපසට ගොස් හා හිස සමග කදේ ඉහල කොටස ඉදිරියට පැද්දී තනි කකුල මත ශරීරය සමතුලිත වෙනවා.පාද දෙක මාරුවෙන් මාරුවට තබන විට අත් දෙක ඊට ප්‍රතිවිරුද්ධ පැත්තට පැද්දෙන්නේ ඒ නිසයි.එසේ අත් දෙක නොපැද්දී තිබෙද්දී ගමන් කීරීම අපහසු වන්නේ සිරුරේ ඒ සමතුලිත බව එවිට නැතිව යන නිසයි.
මේ බව හොදින්ම පෙනෙන්නේ පෙන්ගුවින් වැනි පක්ෂීන් දෙපයින් ඇවිදින විටයි.ඔවුනට අත් දෙකක් නොමැති නිසා ඔවුන් තමන්ගේ සිරුරේ බලය සමතුලිතව තබා ගන්නේ සිරුර දෙපසට පද්දවිමෙනි.අත් දෙක නොසොල්වා ගමන් කීරීමට අප මහන්සි වෙන විටත් අපේ සිරුර දෙපසට පද්දෙන්නේ ඒ නිසයි......................

0 Comments:

Post a Comment