ඔබේ පරිගණකයේ ඇති දත්තයන් Backup කර තබා ගැනීම පරිගණක පරිගණක පරිශීලකයෙකු සතු හොද පුරුද්දක් ලෙස හදුන්විය හැකියි. මේ සදහා ඔබට විවිද උපක්‍රම බාවිතා කල හැකියි. මෘදුකාංගක ආධාරයෙන් ඔබේ දත්ත වෙනත් partition එකකට හෝ external hard drive එකකට backup කිරීම බොහෝ දෙනෙක් අනුගමනය කරන සාම්ප්‍රදායික හා වාසිදායක මගයි.....
මේ හේතුව නිසා විවිද මිළගණන් යටතේ මෙන්ම නොමිළේ ලබාගත හැකි මෘදුකාංග බොහොමයක් අද වෙළදපලේ දැකගත හැකියි. එවැනි මෘදුකාංග අතරින් නොමිළේ ලබාගත හැකි හා ප්‍රබල මෘදුකාංගයක් තමයි “AOMEI Backupper”.
ඉතා සරල user interface එකක් මෙම මෘදුකාංගය සතු බැවින්, මීට පෙර backup මෘදුකාංගයක් බාවිතා නොකළ පුද්ගලයෙකුට උනත් පහසුවෙන් “AOMEI Backupper” බාවිතා කල හැකියි. මෙහි ඇති functions සියල්ලම “Backup”, “Restore”, “Clone” හා “Utilities ලෙස ප්‍රදාන Tabs තුනකට බෙදා වෙන්කර තිබෙනවා. ඔබේ files හා folders backup කරගැනීමට, සම්පුර්ණම hard drive එක හෝ නැතිනම් partition වෙන වෙනම backup කරගැනීම, system drive එක backup කරගැනීම හෝ clone කරගැනීම වැනි හා තවත් බොහොමයක් අවශ්‍යතා සදහා ඔබට AOMEI Backupper මෘදුකාංගය බාවිතා කල හැකියි.
AOMEI Backupper මෘදුකාංගයේ ඇති අනෙකුත් විශේෂාංගයන් හා තවත් බොහෝ තොරතුරු AOMEI Backupper වෙබ් අඩවියෙන් ඔබට ලබාගත හැකියි.
☂☂☂☂☂☂☂☂☂☂☂☂☂ පහලින් බාගන්නකෝ එහෙනම් ☂☂☂☂☂☂☂☂☂☂☂☂☂☂☂☂
මෙන්න එහෙනම් බාගන්න
කොහොමද භාණ්ඩේ...එල නේද?....
මම එහෙනම් දැන් යනවා.....
ඔයාලට ජයෙන් ජය!!!!!!!!
ඔයාලට ජයෙන් ජය!!!!!!!!
0 Comments:
Post a Comment