කටහඩට අවශ්‍ය ශබ්දය උපදින්නේ ස්වරාලයේ ඇති ස්වරතන්ත්‍ර නම් පේශියේ තන්තුවල කම්පනයෙනි.වඩා විශාල ස්වරාලයක් ඇති පුද්ගලයින්ගේ ස්වරත්‍රන්ත දිගුයි.එම නිසා උපදින්නේ රළු ශබ්දයකි.කාන්තාවකගේ වැනි සිහින් ශබ්දයක් උපදින්නේ කෙටි ස්වරත්‍රන්ත ඇති ස්වාරලයකිනි.
එහෙත් කටහඩ යනු ස්වාරාලයෙන් උපදින ශබ්දය පමණක් නොවේ.ඒ ශබ්දය හුදෙක් ඝෝෂාවක් පමණි.මේ ඝෝෂාව වචන බවට පෙරලන්නත්,රිද්මයානුකූල ශබ්දයක් බවට පෙරලන්නත් ස්වසන මාර්ගය මෙන්ම ග්‍රසනික ප්‍රදේශය හේතුවෙනවා.කටහඩ අවසානයේ රිද්මයානුකුල වෙන්නේ මුඛයෙනි.මේ නිසා දිවේ හැඩය,මුඛයේ හැඩය,දත් පිහිටා ඇති ආකාරය වැනි කාරනා කටහඩ ඇති වීමට හේතු වෙනවා.
පුද්ගලයාගෙන් පුද්ගලයාට කටහඩ වෙනස් වන්නේ මේ සාධක පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස්විම නිසයි..........................
0 Comments:
Post a Comment