Pages

සෙලවුණු විට නිදිකුම්බා කොළ නිදාගන්නේ මෙන්න මේ නිසයි

නිදිකුම්බා ශාක යමක ස්පර්ශ වූ සැනින් හැකිලී යන්නේ නිදිකුම්බා පත්‍රයේ තිබෙන ඊට ආවේනික හැඩයක් හා ව්‍යුහයක් නිසයි.
නිදිකුම්බා පත්‍රයක් ගසට සවිවෙන සෑම තැනකම වඩා විශාලව ඉදිමී ගිය පටක කොටසක් තිබෙනවා.මේ පටකය තැනී තිබෙන්නේ ඉතා ඉක්මනින් ජලය උරාගෙන දැඩි විය හැකි හා ඉතා ඉක්මනින් ජලය ඉවත් කර ලිහිල් විය හැකි සෛල සමුහයකිනි.
නිදිකුම්බා පත්‍රයක යමක් ගැටුණු විට එහි පත්‍ර නැවී යන අතර එනිසා නටු අග්‍රයේ ඇති ජලය පිරුණු සෛල වලින් ජලය ඉවත්වීමේ බලයක් ඇති වේ.මේ සෛල ඉතා හොදින් එකට බැදී තිබෙන නිසා ඒ නැබුරුව සියලුම සෛල වෙත පැතිරෙනවා.එවිට සිදුවන්නේ නටු අග්‍රයේ ඇති විශේෂ පටකයේ ජලය ඉවත්වී එය ලිහිල්ව යාමයි.එවිට පත්‍රය නැවී යනවා.ටික වේලාවකින් නැවතත් මේ සෛල වලට ජලය උරාගන්න අතර එවිට ඇතිවෙන තෙරපුම නිසා නිදිකුම්බා පත්‍ර නැවත මුලින් තිබූ පරිදි ප්‍රාණවත් වෙනවා.

0 Comments:

Post a Comment