කෙනෙක් යම් කතාබහකදී නිරවුල් මානසික තත්වයකින් නොසිටියහොත් එම පුද්ගලයා තුලින් නියම අදහස් ප්‍රකාශ වෙන්නේ නැහැ.කොයි තරම් හොද දේවල් ඔලුවේ තිබුනත් සිත කලබල වෙලාවල් වලදී ඒවා වචන වලට පෙරලෙන්නේ නැහැ.ඒ වගේම තමන් කතා කරන දේ පිලිබදව විශ්වාසයක්ද තම හිත තුල තිබීම වැදගත්.
තමන්ගේ කතාවට අවශ්‍ය හේතු සාධක වලින් කල් තියාම සන්නද්ධ වෙන්න.
ඔබ යම් කතාවකට සූදානම් වෙන්න කලින් ඊට අවශ්‍ය හේතු සාධක පෙළගස්වා ගැනීම ඉතා වැදගත්.එ මගින් ඔබ තුල ආත්ම විශ්වාසයක්ද ගොඩ නැගේ.ඒ සොයාගත් කරුණු වඩාත් නිවැරදිදැයි සොයා බැලීමත් කල යුතුයි.කතාවට පෙර තමන් සියලු කරුණු වලින් පොහොසත්ව සිටිය යුතු අතර , ඒ මගින් ඔබට දැනෙන පහසුව කියා නිමකළ නොහැක.ඒ වගේම නිතරම ඔබේ කතා අසන අය ඒවා ඉතා ඉක්මනින් ග්‍රහණය කරගත හැකි පිරිසක් නම් ඔබේ කතාවේ වැල්වටාරම් වලින් ඔවුන් හෙම්බත් වන බවත් මතක තබාගන්න.එම නිසා අවශ්‍ය කරුණු පමණක් තම කතාවට එක් කරගන්න.
ඔබේ කතාව සවිස්තරාත්මකව එමෙන්ම අදාළ කරුණට යොමුවූ එකක් විය යුතුය.
මුලින්ම ඔබේ කතාව කුමන අරමුණක් සදහාද යන්න ඉතාම කෙටියෙන් ඒ කතාව අසන අය අතරට යා යුතුයි.එතැන් සිට ඒ අරමුණ ඔස්සේ ඔබේ කතාව ඉදිරිපත් විම ඉතාම වැදගත්.ඒ අතර ඔබේ අදහස් ඉස්මතු කිරීම සදහාත් රසවත් කිරීම සදහාත් ආකර්ශනිය වදන් යෙදුවාට වරදක් නැත.නමුත් ඒවා පල්හෑලි නොවිය යුතුය.කතාව අහන්න මිනිසුන් රදවාගෙන සිටීමේ කලාවක් ඔබ දැන සිටිය යුතුය.
කතාවට කලින් එය පුහුණු වෙන්න.
ඔබ කිරීමට සුදානම් වන කතාව දෙතුන් වතාවක් හෝ කලින් පුහුණු විම ඉතා වැදගත්ය.එවිට ඔබට එම කතාව වඩා වැදගත් වෙන ලෙස අනවශ්‍ය කොටස් ඉවත් කර අවැසි දේ එක්කර සංස්කරණය කරගත හැක.එසේම කතාව ඔබ දන්නා මිතුරකු හෝ සහෝදරයකු ඉදිරියේ කර පුහුණු විමට හැකිනම් එය ඉතා හොදය.එවිට ඔබ කතා කරන විට සිදුවන ඔබේ වැරදි ඉරියව් නිවැරදි කර ගැනීමේ හැකියාවද ලැබේ.
කතාවට පෙර පරිසරය ගැන විමසිලිමත් වන්න.
ඔබ කතා කරන්නේ මයික්‍රෆෝනයකින්නම් ඒවා නිසි ලෙස සකසා ඇත්දැයි බලන්න.හොදින් ආලෝකය,වාතය ලැබෙන තැනකදැයි බලන්න.මොකද ඔබේ කතාව කිරීමට මෙන්ම ඔබේ කතාව අසාගෙන සිටීමට සුදුසු තැනකදැයි බැලිය යුතුය.
0 Comments:
Post a Comment