Pages

සැන් ඇන්ඩ්‍රියාස් භූමිකම්පාව ( සිංහල උපසිරසි සමඟ )




ඔන්න ටික කාලෙකට පස්සේ ආයෙත් චිත්‍රපටක් අරගෙන එන්න ලැබුණා. අපි චිත්‍රපටයේ කතාව පොඩ්ඩක් බලමු.චිත්‍රපටයේ කතා නායිකාව තමා මෝලී. ඇය භූවිද්‍යාඥවරියක්. මැය හෙළි කර ගන්නවා විශාල භූමිකම්පා ජාලයක් සැන් ඇන්ඩ්‍රියාස් නගරය තුළ සිද්ධ වෙන්න යනවා කියලා. ඒත් කව්රුවත් ඇගේ කියමන පිළිගන්නේ නෑ.
ඒකට හේතුවකුත් තියෙනවා. හැබැයි මැයට නික් කියලා තරුණයෙකුත් හවුල් වෙනවා. මෝලීගේ ගණනය කිරීමට අනුව හරියටම කම්පනයක් ඇති වුණ නිසා මැයට අවශ්‍ය වන්නේ විශාලම කම්පනය වෙන්න කලින් නගරය ඇතුළේ ඉන්න තමන්ගේ දුවව බේර ගන්න. මේ ගමනට නික් කියන කෙනත් හවුල් වෙනවා. භුමිකම්පා ජාලයක් එන බව දැන දැනත් ඔවුන් නගරයට ගමන් ගමන් අරඹනවා. මෝලීට තමන්ගේ දුවව බේරගන්න පුළුවන් වෙයිද? ඇත්තෙන්ම මෝලීගේ අනාවැකි හරි යාවිද? නික් හැර තව කව්රු කව්රු මෝලිට උදව් කරාවිද? මෙන්න මේ ප්‍රශ්න වලට පිළිතුරු හොයන ගමන්ම චිත්‍රපටය රස විඳින්න කියලා හැමෝටම ආරාධනා කරනවා.....




0 Comments:

Post a Comment