50 දශකයේ රොක් ඇන්ඩ් රෝල් , 70 දශකයේ ඩිස්කෝ මෙන්ම 80 දශකයේ රැප් සංගීතය ලොව පුරා ප්‍රචලිත විය.මෙලෙස රැප් සංගීතය අනෙක් සංගීත කලාවන්ට වඩා ප්‍රචලිත විමට හේතු වූයේ රැප් කලාව විවිධ සංස්කෘතීන් තුලට කිදා බැසීමට සමත් වූ නිසයි.
මෙම රැප් සංගීතය ආරම්භ වි ඇත්තේ බටහිර අප්‍රිකානු ප්‍රදේශයේ ගෝත්‍රිකයින් අතරයි.වහලුන් ලෙස ඇමරිකාවට ගෙන ආ මෙම ගෝත්‍රිකයින් ඇමරිකානු සංගීතය හා ඔවුන්ගේ සංගීතය එකට මුසු කිරීමෙන් මෙම රැප් සංගීතය බිහිවූ බව සදහන් වෙනවා.රැප් බිහිවූ බවට තවත් අදහසක් වන්නේ ජැමෙයිකානු කාව්‍ය කලාවක් වන ටෝස්ට් වලින් මෙම රැප් සංගීත කලාව බිහිවූ බවයි.
රැප් ජනප්‍රිය වීමට පටන් ගත්තේ විදී සංගීත කලාවක් ලෙසයි.70 දශකයේ ක්‍රම ක්‍රමයෙන් පාසල් පිට්ටනි වල,විදී කොන් වල තරුණයින් රංචු ගැසී රැප් සංගීතය රස විදීමට පටන් ගත් බව සදහන් වෙනවා.මුල් කාලයේදී තමන් සමග නටන ප්‍රතිවිරුද්ධ කණ්ඩායම් වලට ඇනුම්පද එල්ල කිරීමේ කලාවක් ලෙසත් රැප් බාවිතා විය.
මෙලෙස කෙසේ රැප් සංගීතය ප්‍රචලිත වුනත් වානිජමය වශයෙන් යම් තැනකට ආවේ 1979 දී ෂුගර් හිල් ගැන්ග් සංගීත කණ්ඩායම මගින් රැපර්ස් ඩිලයිට් නම් තැටිය නිකුත් කිරීමෙන් පසුවයි.
මුල් කාලයේ රැප් ගීත සදහා මුඩුක්කු ජිවිතයේ ගැහැට,මත්ද්‍රව්‍ය වලින් වැලකීම සදහා අවවාද,ආදරය ආදිය පාදක වූ බැවින් වැඩිහිටියන් රැප් සංගීතය පිලිබදව සැකයෙන් බැලුවද පසු කාලයේ මෙය ලොව පුරාම සංස්කෘතීන් තුලට කාවැදී ලොව පුරාම ජනප්‍රිය විය.
0 Comments:
Post a Comment