ජූලි 29 වැනිදා ලෝකයාට නොමිලේම නිකුත් කෙරේ
මයික්‍රොසොෆ්ට් සමාගමේ අලුත්ම පරිගණක මෙහෙයුම් පද්දතිය වන වින්ඩොව්ස් 10 මෙහෙයුම් පද්දතිය මේ ජූලි මස 29 වැනිදා නිකුත් කෙරේ දැන්ටමත් වින්ඩොව්ස් 7, වින්ඩොව්ස් 8 හෝ වින්ඩොව්ස් 8.1 යන මෙහෙයුම් පද්දති වලින් එකකින් යුත් ඕනෑම පරිගණකයකට, වින්ඩොව්ස් 10 නොමිලේ ලබා ගත හැක. ඒ එම මෙහෙයුම් පද්දතියේ අප්ග්‍රේඩ් එකක් වශයෙනි.
නියම වශයෙන් මිලදීගත් (Genuine) වින්ඩොව්ස් 7, වින්ඩොව්ස් 8 හෝ වින්ඩොව්ස් 8.1 මෙහෙයුම් පද්දති ඉන්ස්ටෝල් කර ඇති පරිගණක වලට සහ වින්ඩොව්ස් ෆෝන් 8.1 ඇති මොබයිල් උපාංග වලට වින්ඩොව්ස් 10 අප්ග්‍රේඩ් එක ලබා ගත හැකි ආකාරය කියවෙන පණිවුඩය දැනටමත් එවා තිබේ. ඩෙස්ක්ටොප් එකෙහි පහළින් ඇති සිස්ටම් ට්‍රේ එක මත වින්ඩොව්ස් අයිකනයක් එය පෙන්වයි. එය මත ක්ලික් කර එහි දක්වා ඇති පියවර ඔස්සේ ඉදිරියට ගොස්, වින්ඩොව්ස් 10 මෙහෙයුද් පද්දතිය තම පරිගණකය වෙනුවෙන් වෙන්කර තබන්නට පුලුවන. එවිට සාමාන්‍ය වින්ඩොව්ස් අප්ග්‍රේඩ් එකක් සේ වින්ඩොව්ස් 10 මෙම ජුලි 29 වැනිදා ලැබේවි. එය ඉන්ස්ටෝල් කරගත් විට දැන් තිබෙන මෙහෙයුම් පද්දතිය ඉබේම වින්ඩොව්ස් 10 මෙහෙයුම් පද්දතිය බවට උසස් වෙයි.
පහලින් කමේන්ට් එකක් දාගෙනම යන්න.......
Subscribe to:
Post Comments (Atom)
0 Comments:
Post a Comment