Pages

ලෝකයේ ජනප්‍රියම පූසා ගැන ඔබ දන්නවාද?


බිල් ක්ලින්ටන් ඇමරිකාවේ ජනාධිපතිවරයා වීම‍ට පෙර ඔහුත් ඔහුගේ බිරිද හිලරි ක්ලින්ටනුත් ජීවත් වූයේ අර්කන්සාස් නම් ප්‍රාන්තයේ ලිට්ල් රොක් නම් ප්‍රදේශයේයි.මේ කාලයේ ඔවුන්ගේ අසල්වැසියකු විසින් අතරමංව ඇවිදිමින් සිටි බළලෙකු බේරාගනු ලැබූ අතර පසුව බිල් සහ හිලරි ක්ලින්ටන් විසින් මේ බළලාව ඇති දැඩි කිරීමට ඉල්ලගෙන ඇති අතර බිල් ක්ලින්ටන් ඇමරිකාවේ ජනාධිපති වුවයින් පසුවද පුරා වසර 8 ක් මෙම සොක්ස් නමැති පූසා ධවල මන්දිරයේ ජීවත් විය.

මෙම කාලය තුලදී ඌට සතියකට ලියුම් සහ තෑගි පාර්සල් 75000 ක තරම් ප්‍රමාණයක් ලැබුණු බව පවසනවා.සොක්ස් ඇමරිකාව තුල කෙතරම් ජනප්‍රිය වුවාද යන්න මෙය කදිම නිදසුනකි.

සොක්ස් වෙනුවෙන් වෙන් වූ ලියන මහත්තුරුන් කීප දෙනකුද ධවල මන්දිරයේ සිටි අතර මේ ලියන මහත්තුරුන්ගේ උදව්වෙන් සොක්ස් තම රසික රසිකාවියන්ට පිළිතුරු ලිපි යැවූ බවද පැවසෙනවා..................

මේ තියෙන්නේ සොක්ස්ගේ පින්තූර 




0 Comments:

Post a Comment