මෙලෙස මල කෑ කොටස් ඉවත්ව යාමත් සමගම මල නොකෑ යකඩ කොටස් නැවත වාතයට නිරාවරණය වෙනවා.ඉන්පසුව ඒවාත් මල කනවා.මෙය දිගින් දිගටම සිදුවීමෙන් අවසානයේ යකඩය/යකඩ භාණ්ඩය අවසානයේ විනාශයට පත්වේ.
මල නොකන වානේ සාදා තිබෙන්නේ යකඩ සමග වැඩි ප්‍රතිශතයකින් ක්රෝමියම් ලෝහය මිශ්‍ර කිරීමෙනි.ක්රෝමියන් ලෝහයද මල නොකන ලෝහයක් නොවේ.ක්රෝමියම් මල කෑවත් ඉන් සෑදෙන ක්රෝමියන් ඔක්සයිඩ අණුවක් ක්රෝමියන් පරමාණුවේ ප්‍රමාණයම වීම විශේෂ ලක්ෂණයකි.මේ නිසා මල කන ක්රෝමියම් ඉතා ලගින් කලින් තිබුනාත් මෙන් ඇසිරෙනවා.එම නිසා පතුරු ගැලවීයාමක් සිදුවන්නේවත් යකඩ මල කෑ විට මෙන් ඉදිමීමක් සිදුවන්නේවත් නෑ.
මේ නිසා අපට පෙනෙන්නේ ක්රෝමියම් මිශ්‍ර ලෝහ මල නොකන බවයි.මෙලෙස සෑදුනු ක්රෝමියම් මලකඩ මතුපිටින් ගැලවී නොයන නිසා ඊට යටින් තිබෙන ලෝහය මලකඩ කෑම නතර වෙනවා.මේ නිසා ක්රෝමියම් මිශ්‍ර ලෝහ මලකඩ කෑමෙන් ක්‍ෂය වී යන්නේ නෑ.
මල නොකන වානේ මෙන්ම වෙනත් භාණ්ඩ සාදා තිබෙන මල නොකන ලෝහ වර්ගත් කලකදී දුර්වර්ණ වන්නේ මෙලෙස ක්රෝමියම් මල සෑදීම නිසයි.ඒවා ඉවත් කිරීමෙන් නැවත මල නොකන වානේ වල දීප්තිය ලබා ගත හැකියි...................
2 Comments:
http://goo.gl/l21bRC
@@,
Post a Comment