Pages

පෙම්වතුන් දෙදෙනකු වෙනුවෙන් දිවිපිදූ ආදරණිය සුනඛයෙක්

ඇත්තටම මේ කතාව දක්ෂ බල්ලෙක්ට වුන දුක්බර කතාවක් ගැන.
මේ පෙම්වතාගේ නම තාමර්.පෙම්වතියගේ නම පිලිබදව හරි හැටි දැනගැනීමට නැහැ.මොවුන් ජිවත් වුනේ ජෝර්දානයේ.
මේ පෙම්වතුන් දෙදෙනා අතර වසර ගණනාවක ආදර සබදතාවයක් තිබිල තිබෙනවා.නමුත් මේ පිලිබදව දැනගත් පෙම්වතියගේ නිවසේ වැඩිහිටියන් මොවුන් දෙදෙනාට මුණගැසීමට හෝ කතා බහ කිරීමට ඉඩ සලසා දී නැහැ.
තාමර්ගේ පියා දැඩි ලෙස සුරතල් සතුන්ට ආදරය කල අයෙක්.ඔහු මෙම බිග් ජෝ නම් සුනඛයාව ඉතා හොදින් පුහුණු කර තිබුනා.නිවසට අවශ්‍ය භාණ්ඩ කඩයට ගොස් ගෙන ආවේද මේ බිග් ජෝ විසිනුයි.තාමර්ගේ පියා අවශ්‍ය භාණ්ඩ ලැයිස්තුව කවරයට දැමූ පසු බිග් ජෝ භාණ්ඩ රැගෙන එනවා.
බිග් ජෝගේ මෙම හැකියාවන් ගැන දැනගත් තාමර් තම පෙම්වතියට පෙම් හසුන් යැවීමට මෙම සුනඛයව පුහුණු කරා.පෙම්වතියගේ නිවස පිටුපසට ගොස් බිග් ජෝ බිරූ පසු ඒ තාමර්ගේ පණිවිඩයක් බව පෙම්වතිය දැනගෙන ඇය හසුන කියවා බිග් ජෝ තුලින්ම නැවතත් තාමර්ට හසුනක් යැව්වා.
නමුත් ටික දිනක් ගත වෙන විට ඇගේ සොහොයුරෙක්ට මෙය හසු වී බිග් ජෝ ගේ ඔලුවට විශාල ගලකින් ගසා අමානුෂික ලෙස මරා දැමුවා.
මේ පිලිබදව දැනගත් තාමර්ගේ පියා දැඩි ලෙස ශෝකයට පත්වී සුනඛයාගේ මල සිරුර ඔහුගේ ගෙවත්තේම බුමිධන කරනු ලැබුවා.
විශේෂම සිදුවීම වූයේ බිග් ජෝගේ මරණය පිලිබදව දැනගත් තරුණියගේ නෑදා හිතමිතුරන් විසින් මොවුන්ගේ විවාහයට ඉඩ දෙන ලෙස ඇගේ පියාට බල කර සිටියා.
වර්තමානය වන විට ඔවුන් දෙදෙනා තාමර්ගේ සුරතලාට පින්සිදු වීමට ඔවුන් සතුටින් කල් ගත කරන බව ආරංචි වෙනවා.

0 Comments:

Post a Comment