Pages

ඔයාගේ Love Affair එක ඔයාට බලපාන්නේ කොහොමද බලන්න

 
ඔබ පටන් ගන්නා පෙම් සබඳතාවයක් ඔබව වෙනස් කරනවා. ඒ හොඳ විදියටද නරක පැත්තටද කියන එකයි වැදගත්ම දේ.
සමහරු හිතනවා කිසිම දේකට තමන්ගේ විදිය වෙනස් කරන්න නම් බෑ කියලා. නමුත් සැබෑ තත්වය වන්නේ ඕනෑම ආකාරයක ප්‍රේම සම්බන්ධයක් ඔබේ ආකල්ප, හැසිරීම, පැවැත්ම වගේ හැම දේටම බලපාන බවයි.
ඇමෙරිකාවේ කරන ලද සමීක්ෂණයකින් ඔබේ පෙම් සබඳතාවය ඔබව වෙනස් කරන්නේ යහපත් අතටද කියා දැන ගන්නට ප්‍රශ්න මාලාවක් ඉදිරිපත් කළා. මේවායින් අටකට හෝ ඊට වැඩි ගණනකට ඔබ ඔව් කියනවා නම් ඔබේ සබඳතාවය ඔබව යහපත් ලෙස බලපෑ ඇති බව ඔවුන් කියා සිටිනවා.
බලන්න ඔබ මෙයින් කීයකට එකඟද කියලා…
  1. ඔබේ සහකරුවා හෝ සහකාරිය ඔබ කරන ඕනෑම අවදානම් කටයුත්තකදී ඔබට උදව් කරනවාද?
  2. ඔබේ යහළුවන් ඔබේ පවුලේ අය ඔහුට හෝ ඇයට කැමතිද?
  3. ඔබේ මිතුරන් හෝ පවුලේ අය ඔහු හෝ ඇය ගැන හොඳ දේ කියනවාද?
  4. ඔහු හෝ ඇය වෙනුවෙන් ඔබ කරන කැපවීමකට දක්වන ප්‍රතිචාරය ප්‍රසංශාත්මකයිද?
  5. ඔබේ වරදකදී ඔබට සමාව දෙනවාද?
  6. ඔවුන් කැමැත්ත දක්වන්නේ ඔබේ සැබෑ ස්වරුපයටද?
  7. ඔවුන් ඔබව අගය කරනවාද?
  8. ඔබ ඔවුන් ගැන ගෞරවයෙන් සිතනවාද?
  9. අනෙක් සිත්ගන්නා සුළු පුද්ගලයින් පවා ඔබට දෙවැනි වන ලෙස ඔවුන් ඔබට සලකනවාද?
  10. අනෙක් අය සමග ඔවුන් ගැන කතා කරන විට ඔබට සැබෑ ආඩම්බරයක් දැනෙනවාද?
  11. ඕනෑම ගැටලුවකදී එයට විසඳුම ඔබ ළඟ ඇතැයි ඔවුන් විශ්වාස කරනවාද?
  12. ඔවුන්ට දැනෙන හැඟෙන දේ ගැන ඔබ ළඟ සම්පුර්ණයෙන්ම විවෘතයිද?

0 Comments:

Post a Comment