ඉන්ෆ්ලුවන්සාව හඳුනා ගන්න හැටි ගැන අපි මීට පෙර ලිපියකින් ඔබව දැනුවත් කළා. අද අපි ඔබට කියන්නට යන්නේ ඉන්ෆ්ලුවන්සාවෙන් වැළකෙන හැටි ගැනයි.
මේ දේවල් අනුගමනය කිරීම මගින් ඔබට ඉන්ෆ්ලුවන්සාවෙන් ගැලවෙන්නට පුළුවනි.
වයස මාස 6 ට වැඩි සෑම දෙනෙකුටම ප්‍රතිශක්තීකරණ එන්නත් ලබාගත යුතුයි. ඒ මගින් ඔබට ආසාදනය ශරීර ගත වීම වළක්වනවා.
ඕනෑම පෞද්ගලික වෛද්‍ය මධ්‍යස්ථානයකින් වෛද්‍ය අනුමැතිය ඇතිව මේ එන්නත ලබාගන්නට ඔබට පුළුවනි. රෝගීන් සමග වැඩිපුර ගැටෙනවා නම් ගෙදර කවුරුන් හෝ අසනීප වෙලා ඉන්නවා නම් ඔබ එන්නත ලබා ගැනීම වැඩිය හොඳයි.
රෝගී නම් නිවසේ සිටින්න. නැතිනම් ඔබ තව බොහෝ දෙනෙක්ට රෝගය බෝ කරනවා වගේම ඔබේ තත්වයද අවදානමට ලක් කරගන්නවා ඇති.
කිවිසුම යන හෝ කැස්ස එන සෑම අවස්ථාවකම ඔබේ දෑත් ජලය සහ සබන් භාවිතා කර හොඳින් සෝදන්න. එසේම සනීපාරක්‍ෂක ද්‍රාවණයකින් ඔබ අවට පිරිසිදු කරන්න.
සාමාන්‍යයෙන් මෙම වෛරසයට පැය දෙකක් පමණ කාළයක් යම් මතුපිටක නොනැසී පැවතීමේ හැකියාව පවතී.
ඔබ අසනීපෙන් නම් සමාජ සම්බන්ධතා අවම කරන්න. සෙනඟ ගැවසෙන ස්ථාන වලින් හැකි තරම් ඈත්ව සිටින්න. ඔබ අන් අයට රෝගය සම්ප්‍රේෂණය කරනවා මෙන්ම ඔබේ දුර්වල ප්‍රතිශක්තීකරණ පද්ධතිය අන් රෝග වලටද නිරාවරණය කිරීම එමඟින් වලක්වාගත හැකිය.
ඔබේ කැස්ස සහ කිවිසුම් හැකි තරම් පාලනය කරගන්න. ඔබේ මුඛය සහ නාසය ආවරණය කරගෙන කිවිසුම් සහ කැස්ස පිටකර හරින්න. ඔබේ කිවිසුමකින් පිටවන කෙළ බිඳිත්තක් පැයට සැතපුම් 120 ක වේගයෙන් ඔබේ මුවින් පිටවන බව ඔබ නොදන්නවා විය හැකියි.
ඔබ නිවසේ පවා, අනෙත් අය හා ගැවසීම අවම කරන්න






0 Comments:
Post a Comment